0 Views  
ඒ රස්සාව හොඳයි

කම්හලේ කාර්යාලයට ගොඩ වී එහි අයිතිකරු මුණගැසුණු රන්ජිත් රැකියාවක් අපේක්ෂාවෙන් තමා පැමිණි බව ඔහු හට පැවසුවේ බයාදු සිනාවක් නඟමිනි.

‘කොහෙ තියෙන රස්සාවල් ද අයිසෙ? තමුසෙ දන්නවද දවසකට කී දෙනෙක් නං රස්සාවල් ඉල්ලාගෙන මේ පැක්ටේරියට එනවද කියල? ඒ ගොල්ලන්ගෙ නම් ලියා ගන්ඩ විතරක් වෙනම ම කෙනෙක් යොදවන්ඩයි දැන් මට වෙලා තියෙන්නෙ, දන්නවද?’ අයිතිකරු කීවේ සෝපහාස සිනාවක් පාමිනි.

‘ඉතින් සර්, ඒ නම් ලියන ජොබ් එක මට දෙන්ඩකො, මගෙ අකුරුත් මුතු කැට වගේ ලස්සනයි.’ රන්ජිත් වහා කීවේ ලොකු උනන්දුවකිනි


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks
o