18 Views  
 මට නං පේන්ඩ බැහැ




“මං දැන් කීප දොහක්ම දැක්කා මහින්ද තමුසෙ ඉරිදා පත්තරේ අරගෙන ඒකෙ මංගල දැන්වීම් අතිරේකය බොහොම පිළිකුලෙන් වගෙ කඩේම අතහැරලා යනවා. ‍ඔය එක එක හේතු හින්දා කසාද බඳින එක අතපසු වුණු ගෑනු පිරිමි හුඟ දෙනෙකුට පිහිට වෙන්නෙ ඔය මංගල දැන්වීම් අතිරේකෙ නේද? එහෙව් එකේ තමුසෙට විතරක් ඔය අතිරේකෙ ගෙදර නොගෙනියන්ඩ තරමට එපා වුණේ මොකද?” විජිත මුදලාලි ඇසුවේ ඉරිදා පුවත්පත මිලදී ගෙන එහි මංගල දැන්වීම් අති‍රේකය ඉවත දමන මහින්ද දෙස බලමිනි.

“මුදලාලි, තමුසෙ ‍ඔහොම කිව්වට මට නං අපේ ගෑනිටත් වඩා පේන්ඩ බැරි ඔය මංගල දැන්වීම් අතිරේකෙ තමයි. තමුසෙ දන්නවද මට අපේ මායියා මුණ ගැහුණේ ඔය මංගල දැන්වීම් අතිරේකෙ මංගල දැන්වීමකින් විත්තිය” මහින්ද කීවේ දත්මිටි කමිනි‍.


Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks
o