18 Views  
එහෙම කෙනෙක් නේද හොඳ?




“හොඳයි ඉතින්, ඔය එක එක හැලහැප්ප‍ීම් මැද්දේ ගිනස් වාර්තාවක් තියන්ඩ පුළුවන් ප්‍රමාණයට යෝධ නත්තල් ගහක් මේ සැරේ නත්තලට ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කළයි කියමුකො. ඉතින් අනේ, ඒකට ගැලපෙන්ඩ නත්තල් සීයා කෙනෙක් හොයා ගන්ඩ පුළුවන්ද?” යෝධ නත්තල් ගසේ වැඩ කටයුතු නැවත ඇරැඹීමට ගත් තීරණය පිළිබඳ පුවත රූපවාහිනියෙන් දුටු ශාන්ති තම සැමියා දෙසට හැරෙමින් විමසීය.

“මොකෝ හාමිනේ බැරි? අර අහංකාර ගෙම්බා පිම්බුණා වගෙ තමන්ගෙ තරම නොදැන පිම්බෙන්ඩ දඟලන දේශපාලනඥයෝ කොයිතරම් ඉන්නවද මේ රටේ. ඒ අතරින් සුදුසුම කෙනෙක් තෝරලා නත්තල් සීයා විදියට යොදා ගන්ඩ බැරිකමක් නැහැ.” චන්ද්‍රසිරි කීවේ අවඥාවෙන් කට ඇද කරමිනි.


Wmqgd .ekSu u��u mqj;am; weiqfrks