18 Views  
ඉනිමං එහෙමයි




“මොකද විජේ අයියා අර අජිත් හිටපු ගමන් ගෝල්ෆේස් පිට්ටනිය කිට්ටුව බේරේ අයිනේ හට් එකක් ගහගෙන ඉනිමං කුලියට දෙන්ඩ පටන් ගත්තේ. ගෝල්ෆේස් ගිහින් වෙරළට පැනලා, මුහුදට බහිනවා මිසක් එතැන ඉනිමං බැඳලා අහසට නගින්ඩ පුළුවන් එකක් යැ.” නිවෙස බලා යමින් සිටි මනෝ, තම අසල්වැසියකු ගෙන් විමසීය.

“මනෝ මහත්තයා, ඔය අජිත් ළඟ තියෙන කපටි මොළේ ඔහේලට, අපිට පිහිටලා නැහැ. මේ නත්තලට ගෝල්ෆේස් එකේ යෝධ නත්තල් ගහ හදලා, ඒකෙ සෙල්ලම් බඩු එල්ලුවාම මොකෝ ඒවා ගන්ඩ ළමයින්ට පියාඹන්ඩ පුළුවන්ද? ඒකට ඉනිමඟක් ඕනම වෙනවා” විජේ කීවේ සිනාසෙමිනි.


Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks