18 Views  
 ඒක කොන්තරාත්තුවක් ද?




“අර පියල් සහෝදරයා ඉස්පිරිතාලෙට ඇතුළු කළයි කියන්නෙ, පහර දීමකින් තුවාල වෙලා.” සෝමා කීවේ කොහේදෝ ගොස් නිවසට ගොඩවූ සේපාල දෙස බලමිනි.

“මොනවා! හරි අපරාධයක්නෙ. ඔය සහෝදරයා බොහොම තදට ආණ්ඩුව විවේචනය කරලා කතා කළානෙ. ෂුවර් එකටම ඔය පහරදීම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් වෙන්ඩ ඇති.” සේපාල කීවේ ආවේගශීලී ස්වරයකිනි.

“තමුසෙට ඔල්මාදෙද? ඒ මනුස්සයා පක්ෂයේ කට්ටියක් එක්ක පත්තර විකුණන්ඩ ගෙවල් ගානෙ යද්දි ඒ අය හැමෝම ඇඳලා හිටපු රතු කමිස දැකලා හරකෙක් කුලප්පු වෙලා පියල්ට ඇනලා තියෙන්නෙ. එතකොට ඔහේ කියන විදියට ඒ හරකා ආණ්ඩුවේ කොන්තරාක් කාරයෙක් ද?” සෝමා ඇසුවේ අවඥාවෙනි.


Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks
o