18 Views  
දෙගොල්ලොම එකයි




“අද මාර්කට් ගිය වෙලේ මම එතැන කඩේකින් හොඳ කෝලිකුට්ටු ඇවරියක් ගත්තා. මුදලාලිට ඒක කෝලිකුට්ටුද, ඇඹුල්ද කියන එක පැටළිලා. මගෙන් සල්ලි ගත්ත කෙසෙල් කිලෝ එකකට රුපියල් 80 ගානෙ. කෝලිකුට්ටු කිලෝ එකක් දැන් රුපියල් දෙසීයකට කිට්ටු වෙනවනෙ අනේ. මුදලාලිට ඔය විදියට කෙසෙල් වර්ග පැටළුන එක හරි පුදුමයි නේද?” රාත්‍රී ආහාර ගනිමින් සිටියදී තුෂාරි තම සැමියා සමඟ කීවාය.

“ඒකෙ ඇති පුදුමයක් නෑ හාමිනේ. දැන් ඔය සාහිත්‍ය උත්සවයකදී විනිශ්චය මණ්ඩලයෙ හිටිය බොහොම උගත්, බුද්ධිමත් කියන උදවිය පරිවර්තන නවකතායි චරිතකතායි පටලවාගෙන වැරැදි අයට සම්මානත් දෙන්නෙ” සෙනෙවිරත්න කීවේය.


Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks
o