Home / විහළු කතා / එතකොට මේවා බොරුද ?

එතකොට මේවා බොරුද ?

2018-06-29 12:51:00       282
feature-top

“උඹ මෙච්චර කාලයක් තිස්සේ අපිත් එක්ක අඩියක් පුඩියක් ගැහැව්ව මිනිහ වෙලත් අපි බොන ඔය අරක්කු හදන්නෙ උඹේම සමාගමකින් කියලා අපිට හැංගුව එකනං කැතයි මෙන්ඩිස් අයියෙ”. මෙන්ඩිස් සමඟ මී විතක රස බලමින් සිටි ලියනගේ කීවේ කට ඇද කරමිනි.

“මොන කුණු හරුපයක්ද බං, මේ මූ කිය‍න්නෙ? මෙන්ඩිස් තමන් සමඟ මී විතේ රස බලමින් සිටි ‍විජේදාස දෙස බලා ඇසුවේ මවිත වෙමිනි.

“ ඇයි බං අද පත්තර වල ලොකු අකුරෙන් තියෙන්නෙ අර හන්දියේ ඇලෝසියස් මුදලාලි පහුගිය ඡන්ද කාලෙදි කවුන්සිලේ මැම්බර් මහත්තුරු බර ගානකට සන්තෝසම් දීලා තියෙන්නෙ මැන්ඩිස් අයියගෙ අරක්කු සමාගමේ ගිණුමෙන් කියල” ලියනගේ කීවේ පුවත්පතක් ඔසවා පෙන්වමිනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »