Home / විහළු කතා / ආයෙත් ඕනෑ වුණොත්..

ආයෙත් ඕනෑ වුණොත්..

2018-06-06 10:07:00       1048
feature-top
බස් නැවතුම්පොළේ මොහොතක් රැඳුණු අමිතා ත්‍රිවීලරයකට නැගුණේ ඒ වනවිටත් කාර්යාලයට යාමට ප්‍රමාද වී තිබුණු බැවිනි. කාර්යාලය අභියස නැවැත්වු ත්‍රිවීලරයෙන් බැසීමට පෙර මීටරය දෙස බලා අමිතා අදාළ මුදල වෙනුවෙන් රුපියල් පන්සියයේ නෝට්ටුවක් රියැදුරු වෙත දිගුකළ අතර හෙතෙම ඉතිරි මුදල සමග බිල්පතක් ඇය වෙත ආපසු දුන්නේය. ඉතිරි මුදල තම මුදල් පසුම්බියේ දමාගත් අමිතා බිල්පත දෙසද බැල්මක් හෙළුවාය.

තමුසෙගෙ නම, ලිපිනය, දුරකථන අංකය මේකෙ ලිව්වෙ අහවල් මඟුලකටද? බිලේ තියෙන්න ඕනෙ ගාස්තුව විතරනේ. අමිතා පුපුරා හැළුණේ රියැදුරු දෙස රවා බලමිණි.

නෑ මිස්ට ආයෙත් මගේ සර්විස් එක ඕනෑ වුණොත්...ඒකයි ඔය විස්තර ලිව්වේ. රියැදුරු කීවේ ඉගිල යමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »