Home / විහළු කතා / ඕක පුරුද්ද

ඕක පුරුද්ද

2018-05-05 09:51:00       698
feature-top
“බල්ලට ඇති වැඩකුත් නැහැ, හෙමින් ගමනකුත් නැහැ” කියනවා වගෙ අර චාන්දනීගෙ වැඩේම කොහෙ ගියත් හරියට සුනාමියක් තමන්ගෙ පිටිපස්සෙන් එළවනවා වගෙ ලොකු කලබලයකින් මෙලෝ සිහියක් නැතුව දුවන එකනෙ” කඩිමුඩියේ පාර දිගේ ඇවිද යන තම අසල්වැසි කාන්තාව දෙස බලා ධම්මිකා, තම සැමියා දෙසට හැරෙමින් කීවේ ය.

“ඕක හාමිනේ පුරුද්ද. එයාගෙ මහත්තයා පෙන්ෂන් යන්ඩ‍ කලින් වැඩ කළේ කෝච්චිවල එන්ජින් ඩ්‍රැයිවර් කෙනෙක් විදිහටනෙ. කසාද බඳින්ඩ කලින් ඒ හාදයා එළවන කෝච්චිය අල්ලන්ඩ ඉවසිල්ලක් නැතුව දුවලා ගිහින් ම තමයි, චාන්දනීට ඔය කඩිකුලප්පුව පුරුදු වුණේ” මනෝ කීවේ සිනාසෙමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »