Home / විහළු කතා / ඔන්චිලි මොකටද?

ඔන්චිලි මොකටද?

2018-05-01 11:05:00       272
feature-top
“මන්ත්‍රීතුමා, මේ ඔන්චිල්ලාවකට නැඟලා ටිකක් වෙලා ඔන්චිල්ලා පැද්දොත් නරකද? ඒක ඔබතුමාට අපූරු අත්දැකීමක් වගේ ම අපේ මාධ්‍යකාරයන්ටත් හොඳ නිවුස් එකක් වේවි.

“සුබ නැකතින් අලුත් අවුරුදු උලෙළ විවෘත කර, එහි අසිරිය නරඹමින් සිටි මන්ත්‍රීවරයා වෙත කිට්ටු වූ එහි සංවිධායකවරයකු වූ පියසේන කීවේ සිනාමුසු මුහුණිනි.

“ඒ පැත්තටයි, මේ පැත්තටයි පැද්දෙන්ඩ අපිට අමුතුවෙන් ඔන්චිලි ඕනෑ වෙන්නෙ නෑ පියසේන. අපේ උදවිය ඔය හිටපු ගමන් එහාට මෙහාට පැද්දෙන්නෙ, එක පාරටම පැත්ත මාරු කරන්නෙ ඔන්චිලිවලින් යැ?” මන්ත්‍රීවරයා කීවේ සිනාවක් පාමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »