Home / විහළු කතා / කලබල වෙන්ඩ ඕනෙ නැහැ

කලබල වෙන්ඩ ඕනෙ නැහැ

2018-03-09 10:49:00       251
feature-top
“අනේ අම්මේ, මට හරිම හිසරදයක් වුණානෙ අර අල්ලපු පන්තියේ ඉන්න විජිතයා. ඒකා කට පළල් කරලා හිනාවෙලා, කන්ඩ වගෙ මා දිහා බලලා කියනවා, මගෙ හැම ඕනෑඑපාකමක් ගැන ම එයා වගබලා ගන්නවලු. කැන්ටිමට ගිහින් මොනවා හරි කමුද අහනවා. පන්ති ඉවර වුණා ම බයිසිකලේ ගෙදරට ගිහින් බස්සන්නංලු. ඒක මටනං මහ වදයක්.” පන්ති ගොස් පැමිණි චාන්දනී තම මව සමඟ කීවේ තරහින් පුපුරමිනි.

“උඹ ඕකට ඔය හැටි කලබල ‍වෙන්ඩ ඕනෙ නෑ දුවේ. ඔය කොලුවා මෙදා පාර ඡන්දෙට ඉදිරිපත් වෙනවා ඇති. ඒකයි ඔය තරම් කරුණාවක්, උනන්දුවක් පෙන්වනවා ඇත්තෙ.” මව සැහැල්ලු සිනාවක් පාමින් කීවාය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »