Home / විහළු කතා / එදාට ඉන්ඩ ම වෙනවා

එදාට ඉන්ඩ ම වෙනවා

2018-03-05 10:29:00       579
feature-top
‘තාත්තෙ, මේ සිකුරාදා රජයේ නිවාඩු දවසක් නෙ. එතකොට සිකුරාදයි, වීක්එන්ඩ් එකයි එක්ක බ්‍රහස්පතින්දාත් එකතු කරගෙන අපි නුවරඑළි යමුකො.” ශ්‍යාමා තම පියාණන් වූ වික්‍රමාරච්චි කැඩුම්බිඳුම් වෙද මහතා වෙත ළංවෙමින් කීවා ය.

‘බ්‍රහස්පතින්දා නං කොහොමටවත් බේත් සාප්පුව වහල දාලා බැහැ දුවේ. එදාට නොවැ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදය තියෙනවයි කියන්නෙ. ඉතින් ඔය විවාදයෙන් පස්සෙ අතපය තැළුණු, බිඳුණු මන්ත්‍රීවරු කීප දෙනෙක් ම එදාට මාව හොයාගෙන එනවා සිකුරුයි. ඒ හින්දා එදාට නං මම බේත් සාප්පුවේ ඉන්ඩ ම වෙනවා.” වෙද මහතා කීවේ ය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »