Home / විහළු කතා / මොකද බැරි ?

මොකද බැරි ?

2018-03-02 10:32:00       246
feature-top
‘‘ඡන්ද ප්‍රතිපල කියල ඉවරවෙන්ඩත් කලින් උඩහ වතුකරයේ කුකුළා ලකුණින් තරග කරපු කට්ටිය පොහොට්ටුවත් එක්ක එකතු වෙලා එහේ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවනවා කියලා දෙගොල්ලො එකට අත්වැල් බැඳගෙන ප්‍රසිද්ධියේ කිව්වනෙ.ඕන් ඊයෙ කියනවා නුවර එළියේ නගර සභාව බුලත් කොළේ එක්ක එකතුවෙලා පාලනය කරනවලු. ඔය විදිහට එක සැරේ දෙපැත්තකට එකතු වෙන්ඩ පුළුවන්ද අනේ?‘‘ රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි අමිතා තම සැමියා දෙස බලා කීවේ දෑස් අයා කට ඇද කරමිනි.

‘‘ මොකද හාමිනේ බැරි ? ඇයි අහලා නැද්ද කියමනක් තියෙනවා ‘ කොටන කුකුළාට ඒ පැත්තත් එකයි මේ පැත්තත් එකයි කියල.ඔය කුකුළාත් ඒකාම වෙන්ඩ ඇති ‘‘ කරුණාසේන කීවේ අවඥාවෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »