Home / විහළු කතා / කුස්සියේ වගකීම් මට

කුස්සියේ වගකීම් මට

2018-02-28 10:44:00       365
feature-top
‘‘ ඈ බං චන්ද්‍රපාල, මොකද මේ උඹ කවදාවත් නැතුව කුස්සියට වෙලා හාල් ගරන්නේ? ඇයි අද කුසුමා නංගි ගමේ ගිහිල්ලාවත්ද? ‘‘

තම මිතුරා නිවසේ ඉදිරිපස කොටසේ පෙනෙන්නට නොසිටි හෙයින් ඔහු පිළිබඳව විපරම් කරමින් කුස්සියට හිස පෙවූ රත්නසිරි විමසුවේ දුටු දසුනින් විමතියට පත් වෙමිනි.

‘‘ඇයි බං මෙදා පාර ඡන්දෙ කාන්තා නියෝජනය වැඩි හින්දා අපේ කුසුමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමක් ලැබුණනෙ.එයා අද උදෙන්ම ගියා මන්ත්‍රීකමේ දිවුරුම් දෙන්න. දැන් අද ඉඳලා කුස්සියෙ වගකීම් ටික ඉබේම පැවරුණේ මට‘‘ චන්ද්‍රපාල කීවේ සුසුමක් හෙළමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »