Home / විහළු කතා / 5 සමත්

5 සමත්

2018-02-07 02:13:00       540
feature-top
“මම මේ කලබල වෙලා දුවගෙන ආවේ මන්ත්‍රීතුමා ම ගෙදරින් එළියට බැහැලා තාප්පෙ අලවලා තියෙන පෝස්ටර් ඉරනවා දැකලයි. මට හිතුණේ ඔබතුමාලගේ පක්ෂෙට විරුද්ධව ගහපු පෝස්ටර් ඔබතුමා ඉරලා දානවා කියලයි. ඒ වුණාට දැන් මේ ඔබතුමා ඉවක් බවක් නැතුව ඉරන්නෙ මේ දවස්වල හෝල්වල පෙන්නන ‘5 සමත්’ කියන චිත්‍රපටියේ පෝසටර්නෙ.” චන්ද්‍රපාල, මන්ත්‍රීවරයා වෙත සමීප වී කීවේ විමතියට පත් වෙමිනි.

“විරුද්ධකාරයෝ ගහන ඡන්ද පෝස්ටර්වලට වඩා හපන්නෙ ‍බං මේවා. ‘5 සමත්’ කියල මගෙ ගෙදර තාප්පෙ පෝස්ටර් ඇලෙව්වාම මුළු ගමම මට හිනාවෙන්ඩ ගනියිනෙ, මගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන කියල පෝස්ටරේකුත් අලවලයි කියල” මන්ත්‍රීවරයා කීවේ කෝපයෙන් දත්මිටි කමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »