Home / විහළු කතා / ස්ත්‍රී නියෝජනය

ස්ත්‍රී නියෝජනය

2018-02-05 10:32:00       187
feature-top
“මම මුලින් ම ඔයාට ‘අපි කසාද බඳිමු’ කියලා යෝජනා කළේ අපි යාළු ‍ෙවලා හරියටම අවුරුදු තුනකින්. එදා ඉඳලා මම දැන් අවුරුද්දක් තිස්සේ හැමදාම වගේ කසාදෙ ගැන මතක් කළාම ඔයා කළේ එක එක හේතු ඉදිරිපත් කරලා ඒක දවස ගානෙ කල්දාන එක. එහෙව් මිනිහා මොකද මේ හිටපු ගමන්, ගහෙන් ගෙඩි එනවා වගෙ කියන්නෙ, ‘අපි ලබන සුමානෙ කසාද බඳිමු’ කියල.” අමිතා, කරුණාසේන දෙස බලා ඇසුවේ ඔහුගේ මේ හදිසි විවාහ යෝජනාව අදහා ගත නොහැකි ව ය.

“නොබැඳ කොහොමද ළමයෝ! මෙදා සැරේ කවදාවත් නැති විදියට ඡන්ද අපේක්ෂකයන්ගෙ ස්ත්‍රී නියෝජනය පිරිමි එක්ක සම මට්ටමකට ගෙනැල්ලනෙ. ඒ හින්දා ස්ත්‍රී නියෝජනය කොයි ක්‍රමයකින් හරි හොයාගන්ඩම වෙනවා” කරු කීවේ ය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »