Home / විහළු කතා / අපි පළි ද?

අපි පළි ද?

2018-01-11 10:54:00       114
feature-top
“පාර අයිනේ වැවිලා තියෙන තණ කොළ ටිකක් උලා කාලා ජීවත්වෙන මේ අපි, එතකොට කඩවලින්, ගෙවල්වලින් විසිකරන ඉඳුල් කාලා බඩගින්න නිවාගත්ත උඹලා නිස්කාන්සුවේ හිටිය කාලෙත් ඔන්න ඉවර වේගනයි එන්නෙ” පාර අයිනේ තණකමින් සිටි හරකා, තමා අසලින් යන්නට ආ බල්ලා දෙස බලා කීවේ ය.

“ඒ මොකද බං ආයිත් සැරයන් සුනාමියක්වත් එනවද?” මඳක් කලබල ව‍ූ බල්ලා විමසීය.

“සුනාමියකටත් හපන් වෙයි වගෙ ‍ඔය හෙට අනිද්දා එනවයි කියන ඡන්දෙ. ඔය ඡන්දෙදි ඒකට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ තමන්ට විරුද්ධව ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයන්ට බනින්නෙම උඹලගෙ, අපේ නම් කියලනෙ. අපිට ඒ විදියට නින්දා අපහාස කරන එක ප්‍රශ්නයක් නෙමෙයිද?” හරකා ඇසුවේ බැරෑරුම් හඬකිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »