Home / විහළු කතා / එහෙම නැතුව පුළුවන්ද?

එහෙම නැතුව පුළුවන්ද?

2018-01-09 10:28:00       160
feature-top
“යකඩො, අර බලන්කො හිටපු මැම්බර් මහත්තයට තියෙන ආරක්ෂාවේ තරම! රටේ ජනාධිපතිට අගමැතිටවත් තියෙනවද ඔය වගෙ ආ‍රක්ෂක හමුදාවක්. තම ආරක්ෂකයන් පිරිවරාගෙන යමින් සිටි හිටපු මන්ත්‍රීතුමා ‍ෙදස බලමින් දැදිගම කීවේ තමා සමීපයේ සිටි කළුඅයියාගේ අවධානය ඒ වෙත යොමු කරමිනි.

“එහෙම නැතුව පුළුවන් යැ දැදිගම. දැන් ඡන්දෙට නාමයෝජනා භාර දුන්නු හින්දා එයාට ගෙවල් ගානේ ගිහින් ඡන්ද දායක‍යෝ මුණ ගැහෙන්ඩ සිද්ධ වෙනවනෙ.” කළු අයියා කීවේ සරදම් සිනාවක් නඟමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »