Home / විහළු කතා / ඇත්තට ම එහෙම වුණා නං!

ඇත්තට ම එහෙම වුණා නං!

2017-12-14 10:48:00       247
feature-top
“ලාලනී ඔයා මේ සීන් එකේදි තමන්ගෙ පුතාව බදාගෙන මහ හඬින් විලාප තියල අඬන්නෙ තමන්ගෙ මනුස්සයට වුණු විපත්තිය දැනගත්තාමයි. අන්න ඒකයි ඔයාගෙන් නිරූපණය වෙන්ඩ ඕනෙ. ඒ වුණාට මේ සීන් එක තුන් සැරයක් කරලත්, ඒ සිද්ධවුණු දෙයින් ඔයා ලොකු බරකින්, කරදරයකින් නිදහස් වුණා කියල, හිතනවා වගෙයි ඔයා දිහා බලන කෙනකුට හිතෙන්නෙ.” ටෙලි නාට්‍යයක දර්ශනයක් රූගත කරමින් සිටියදී එහි ජවනිකාවක රඟපෑ නිළියක නැවත නැවතත් අසමත් වන බැව් දැකීමෙන් ඇති වූ කෝපය යටපත් කර ගනිමින් අධ්‍යක්ෂවරයා කීවේ ය.

“අනේ සොරි මෙයා. අපේ මිනිහට ඔය දේ සිද්ධවුණා නං ඇත්තට ම මම නිදහස් නේද කියන හැඟීමෙන් ගැලවෙන්ඩ බැරුවයි මම මේ දඟලන්නෙ සුජීව.” නිළිය හැඟීම්බරව සමාව අයදින ස්වරයකින් කීවා ය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »