Home / විහළු කතා / දරුවන්ට නං එහෙම කරන්නෙ නෑ

දරුවන්ට නං එහෙම කරන්නෙ නෑ

2017-11-22 10:46:00       129
feature-top
“ඔබ මේ චිත්‍රපටියේ රඟපාන්නේ ඉහළ තනතුරක් දරණ දේශපාලන බලධාරිණියක් විදියට. අතුරුදන් වුණු තම පුතා ගැන හෝඩුවාවක් දැනගන්ඩ ඔබ එහිදී ඉතාම කෲර විදියට ළමයි දෙන්නකුට තර්ජනය කරනවා. ඒ වගේ ම තමන්ගෙ සගයන් ලවා ඔවුන්ව බිය ගන්වනවා. මේ චරිතයට ප්‍රේක්ෂකයන් දැක්වූයේ කොයි වගෙ ප්‍රතිචාරයක් ද?” තිරයට ආ ජනප්‍රිය චිත්‍රපටයක කැපී පෙනෙන චරිතයක් රඟපෑ ප්‍රවීණ නිළි රේණුකාගේ නිවසට ගිය මාධ්‍යවේදිනිය, ඇය සමඟ සම්මුඛ සාකච්ඡාවක් අරඹමින් ඇසුවා ය.

“ඒ චරිතයට හුඟාක් හොඳ ප්‍රතිචාර මේ දවස්වල ලැබෙමින් පවතිනවා. මගෙ දරුවෙකුටවත් මම කවදාවත් ගහනවා තියා සැර කරලවත් නැහැ. එහෙව් මම මේ වගෙ රළු චරිතයක් සාර්ථකව රඟපෑවේ කොහොමද කියල මට ම පුදුමයි.” රේණුකා කීවේ රංගනයකදී ලෙසම ය.

“ඔව් ඉතින් මම මෙයාගෙ සැමියා මිසක් දරුවෙක් නොවන හින්දා ඔය කතාව බොරුයි කියන්ඩත් බැහැනෙ.” මේ සාකච්ඡා අසා සිටි රේණුකාගේ සැමියා සාවඥ සිනාවකින් යුතුව කීවේ තම බිරිය ගේ දෑස් මඟහරිමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »