Home / විහළු කතා / ඒක තකතීරු වැඩක් නෙමෙයි ද?

ඒක තකතීරු වැඩක් නෙමෙයි ද?

2017-11-20 10:55:00       588
feature-top
“ජනප්‍රියකම තියෙන කාලෙ නළු රස්සාව කරගෙන කීයක් හරි යහමින් හොයාගෙන දෙයියනේ කියල ඉන්නෙ නැතුව මේ දේශපාලන මඩ ගොහොරුවට පැන්න එක තමයි ඔහේ කරපු තකතීරු ම වැ‍ෙඩ්.” තම සැමියාට විරුද්ධව පුවත්පත් කීපයක ම ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙසින් පළ කර තිබූ පුවත් කීපයක් කියැවූ බිරිය කෝපයෙන් කීවේ දත්මිටි කමිනි.

“නෑ... නෑ... ඩල්සි, ඒ කතාව සම්පූර්ණයෙන් ම වැරැදියි. ඊට වඩා තකතීරු වැඩක් මගෙ අතින් සිද්ධ වුණේ ඊට කලින්” මන්ත්‍රීවරයා කීවේ ස්ථිර හඬකිනි.

“ඒ මොකක්ද?” බිරිය වහා ඇසුවේ පහව නොගිය තම‍ කෝපයට විමතියක් ද එක්කර ගනිමිනි.

“ඇයි, ඔයාව කසාද බැන්ද එක.” සැමියා කීවේ සෝපහාසී ස්වරයකිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »