Home / විහළු කතා / වෙස් මාරුව

වෙස් මාරුව

2017-11-09 12:38:00       543
feature-top
“මේ මොකද අනේ ඔයා කවදාවත් නැති විදියකට අද අමුතුම වෙස් මාරුවක් කරගෙන. පටි ජංගියක් ඇඳලා, ඊට උඩින් ෂර්ට් පොඩියක් ඇඳ ගෙන , ඒ මදිවට පොත් බෑග් එකකුත් කරේ එල්ලාගෙන. හරියට මොන්ටිසෝරි ළමයෙක් ව‍ෙග.” කොහේදෝ යාමට සැරසී සාලයට පැමිණි තම සැමියා දෙස බලා මන්ත්‍රී බිරිය ඇසුවේ විශ්මයෙන් දෑස් නළලට ගනිමිනි.

“අන්න දැක්කද ? හාමිනේට හරියටම තේරුණා. ඒ කි‍යන්නේ මගේ වෙස්මාරුව සාර්ථකයි. අද ලෝක ළමා දිනයනේ හාමිනේ. මම මේ යන්නේ හදිස්සියේ තියෙන ජාත්‍යන්තර ළදරු පාසලේ ලෝක ළමා දින උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා විදියට සහභාගී වෙන්ඩ” මන්ත්‍රී තුමා කීවේ මෝටර් රථයට ගොඩවෙමිනි.

“ඕකට ඉතින් අමුතුවෙන් ලෑස්ති වෙන්ඩ ඕනෑයැ. ඔයා කරතොත් කරන්නේ මොන්ටිසෝරි යන ළමයින් කරන වැඩනේ” මන්ත්‍රි බිරිය කියවාගෙන ගියාය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »