Home / විහළු කතා / ඒක ලොකු සේවයක්

ඒක ලොකු සේවයක්

2017-10-19 10:19:00       114
feature-top
“මම හිතන්නෙ දයාපාලගෙන් මේ ‍රටේ නාට්‍ය කලාවට වැඩිම සේවයක් වුණේ මේ පහුගිය අවුරුද්දක වගෙ කාලයෙදි තමයි” නාඔටුන්න, සෙනෙවි හට කීවේ ළමා නාට්‍ය උලෙළේ නාට්‍යයක විවේක කාලයේදී ය.

“ඇයි බං උඹට ඔල්මාදෙ ද? මිනිහා පුතාව බලන්ඩ පිටරටකට ගිහින් පසුගිය අවුරුද්දෙම ලංකාවේ හිටියෙ නැහැනෙ. ඉතින් ඔය මුළු කාලෙම මිනිහා නාට්‍ය කලාවට සම්බන්ධ මුකුත් තළෙන් නැහැනෙ” සෙනෙවි කීවේය.

“හරි ඉතින්. එහෙම මුකුත් නොකර හිටිය එකම නාට්‍ය කලාවට කරපු කොයි තරම් ලොකු සේවයක් ද?” නාඔටුන්න කීවේ සෝපහාසි ස්වරයකිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »