Home / විහළු කතා / ඩෙංගු හිතවතා

 

ඩෙංගු හිතවතා

 

2017-07-27 09:54:00       700
feature-top
“ඩෙංගු රෝගය පැතිරෙන්ඩ හේතුවෙන එක කාරණාවක් ඔය ළමයා කියන්ඩ බලන්න.” චමරි ටීචර් තම පන්තියේ පිටුපස පේළියක සිටි ලක්ෂ්මන් දෙස බලා ඇසුවා ය.

“අපේ පළාත භාර පී.එච්.අයි. මහත්තයා, ටීචර්.” ලකී වහා පිළිතුරු දෙමින් කීවේ ය.

“මොනවා! මහජන සෞඛ්‍ය පරීක්ෂක කියන්නේ මහජනතාවගේ සෞඛ්‍ය කටයුතු කළමනාකරණය භාරව ඉන්න නිලධාරියානෙ. එයා හින්දා කොහොමද ඩෙංගු පැතිරෙන්නෙ?” ගුරුතුමිය විශ්මයෙන් කට ඇද කරමින් විමසුවා ය.

“ඇයි නැත්තෙ ටීචර්. අපේ පැත්තේ කාණුවල වතුර දිගටම රැඳිලා, ඒවයෙ මදුරුවෝ බිත්තර දාලා, මදුරු පිලව් ඒ කාණුවල දඟලද්දි ඒවා ගැන පොඩ්ඩක්වත් හොයන්නේ බලන්නේ නැතුව හැම මොහොතකම හම්බකරන්ඩ ම දුවන්නෙ පී.එච්.අයි. මහත්තයනෙ. ඉතින් එයා ඩෙංගු මදුරුවගේ හිතවතෙක් නෙමෙයිද?” ලකී සිනාවක් පාමින් විමසී ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »