Home / විහළු කතා / දඟලන්නෙ එකයි


දඟලන්නෙ එකයි


2017-07-24 09:17:00       692
feature-top
“අර චාන්දනයා පිස්සෙක් වගේ කල්පනා කර කර, එහෙ මෙහෙ ඇවිද ඇවිද දඟලන්නෙ, උගෙ ගෙදර හංගලා තිබුණු සල්ලි මෙදා සැරේ ගංවතුරට අහුවෙලා ගහගෙන ගිහිල්ලා වත්ද?” විජේදාස, ලියනගේ ගෙන් ඇසුවේ තම නි‍වස ඉදිරිපිට පෝටිකෝවේ වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියදීය.

“ගංවතුරට අහුවෙන විදියට ගෙදර සල්ලි තියාගන්ඩ තරම් ඒ යකා මෝඩ නැහැ. ඒත් මිනිහාගෙන් සල්ලි පොළියට ගත්ත ණය කාරයන් ගේ නම් ලැයිස්තුවයි, ඒ ඒ අයට දුන්න මුදල් ප්‍රමාණයි ලියලා තිබුණු පොත ගංවතුරට අහුවෙලා ගහගෙන ගිහින්.” ලියනගේ කීවේ සිනාසෙමිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »