Home / විහළු කතා / එහෙමත් ගැළපෙනවනෙ


එහෙමත් ගැළපෙනවනෙ


2017-06-01 11:02:00       585
feature-top
“තිලක් මහත්තයා මේ සැරේ වෙසක් එකට අපි කොළොන්නාව හන්දියේ පෙන්නන්ඩ හිතාගෙන ඉන්නෙ ‘ආලවක දමනය’. ඉතින් ඒකට ඔබතුමාට ආරාධනා කරන්ඩයි මේ ආවේ.” එක් රාත්‍රියක තිලක්ගේ නිවෙසට ගොඩවැදුණු තරුණ පිරිසක් අතර සිටි කීර්ති, තිලක් වෙත ළෙන්ගතු සිනාවක් පාමින් කීවේ ය.

‘හරි... හරි.... මම නාට්‍යයේ විස්තර ප්‍රචාරය කරලා දෙන්නං. ඒක ඉතින් මට පුරුදු ජොබ් එකනෙ.’ තිලක් ඔවුන් දෙස බලා සිනාසෙමින් කීවේ ය.

‘නෑ.... නෑ.... විස්තර ප්‍රචාරෙට අපෙ රන්ජිත් මල්ලි ඉන්නවා. අපිට කීවා මේ නාට්‍යයේ ආලවක යකාගෙ චරිතයට තිලක් මහත්තයම යොදා ගන්ඩ. මොකද අපි උත්සාහ කරන්නෙ බාහිර ස්වරූපයෙන් හොඳටම ගැළපෙන අයවම ඒ ඒ චරිතවලට යොදා ගන්ඩයි.’ කීර්ති කීවේ ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »