Home / විහළු කතා / මීයෝ එයි ද?


මීයෝ එයි ද?


2017-05-30 09:27:00       689
feature-top
‘අනේ බලන්ඩකො ‍රෝහිණී ඊයේ රෑ අපේ ගෙදර වහලෙන් කුස්සියට මීයෝ දෙන්නෙක් බැහැලා, මේසෙ උඩ තිබුණු කෑම කාලා, වළං පෙරළලා කරලා තියෙන විනාශයක තරම!’ රූපවතී කීවේ තම අසල්වැසි කාන්තාවක දෙස බලමිනි.

‘මිනිස් කටහඬ නෑහෙනකොට තමයිලු ඔය මීයෝ වහලෙන් බහින්නෙ. හරි පුදුමයි නේ! අපේ කුස්සියට කවදාවත් මීයො බහින්නෙ නැහැනෙ.’ රෝහිණී කීවේ රූපවතී දෙස බලා දෑස් හකුළුවමිනි. ‍‍

‘ඒකෙ ආයෙ පුදුම වෙන්ඩ දෙයක් නැහැ ‍රෝහිණී, ඔයා හුස්ම නාල්ලා එක දිගට කියවාගෙන යන විදියට මීයෝ කවදාවත් ඔය වහලෙන් බහියි කියලා ඔයා හිතනවද?’ රූපවතී කීවේ සාවඥ සිනාවක් පාමිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »