Home / විහළු කතා / ඒ ගොල්ලෝ එහෙම කළේ නැහැ

ඒ ගොල්ලෝ එහෙම කළේ නැහැ

2017-05-02 10:05:00       584
feature-top
“පුරාණ කාලයේ පණිවිඩ ගෙනියන්න විවිධ වර්ගයේ පක්ෂියන් යොදා ගත්තයි කියල සංදේශ කාව්‍යවලින් පැහැදිලි වෙනවනෙ. ඒ විදියට පණිවිඩ ගෙනිච්ච පක්ෂින්ගෙයි, දැන් පණිවිඩ ගෙනියන තැපැල් පියුන්ලගෙයි අතර ඔබ දකින පැහැදිලි වෙනස මොකද්ද? මහාචාර්යවරයා තම දේශනය වෙත යොමුවී සිටි සිසුන් දෙස බලා විමසීය.

“ඒ පක්ෂින් මොකෙක්වත් ඔය තැපැල් පියුන්ලා වගෙ පණිවිඩ අරගෙන ඇවිත් බෙල් ගැහැව්වේ නැහැනෙ ප්‍රොෆෙසර්.” ඉෂාර නැගිට පිළිතුරු දෙමින් කීවේය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »