Home / විහළු කතා /  පොල් ලාබයි


 පොල් ලාබයි


2017-01-27 11:03:00       581
feature-top
“මේක නං මහ පුදුම වැඩක්. දැන් ආණ්ඩුව කරන්නෙ එක කට්ටියක්. ඒ වුණාට බඩු මිල අඩු කරන්නෙ ආණ්ඩුවට විරුද්ධව ඉන්න විපක්ෂයෙ මන්ත්‍රීවරුනෙ. ගමනායක කීවේ දැදිගමගේ ව්‍යාපාරික ස්ථානය තුළ රොක්වී සිටි පිරිස සමඟ කතාබහක යෙදී සිටිද්දීය.

“මොකක්ද ගමනායක ඒ කතාවේ තේරුම? කිසිම රාජ්‍ය බලයක් නැති විපක්ෂයෙ කට්ටිය කොහොමද බඩු මිල අඩු කරන්නෙ?’ දැදිග ඇස‍ුවේ කුතුහලයකිනි.

“දැන් පොල් ගිනි ගණන්නෙ. ඒ වුණාට ඊයෙ දවල් මම වැල්ලේ දේවාලෙ ළඟින් පොල් අරගත්තෙ බොහොම ලාභෙට. හැබැයි පොල් ගෙඩි නෙමෙයි, කෑලි. කෑලි වුණාම මොකෝ හොද්දට දාන්ඩ පුළුවන් නං. ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙ මන්ත්‍රීවරු ගහපු පොල්වල කෑලි තමයි එහෙම ලාභෙට විකුණන්නෙ.’ ගමනායක පැහැදිලි කළේය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »