Home / විහළු කතා /  ඒ ටිකත් කිව්වානං හොඳයි


 ඒ ටිකත් කිව්වානං හොඳයි


2017-01-26 12:01:00       688
feature-top
“අපෙ මහාචාර්යතුමා එයාගෙ අලුත් නවකතාවේ පෙරවදනේ ලියලා තියෙනවා, බොහොම කාලයක් අත්පිටපතක් විදියට එයාගෙ හමස් පෙට්ටියේ තිබුණු ඒ කතාව, මුද්‍රණ ද්වාරයෙන් පිටකරන්නැයි කියල ඒක කියවපු එයාගෙ යාළුවෝ කීපදෙනෙක් ම ඇවිටිලි කළ හින්දයි ඒක ග්‍රන්ථය විදියට නිකුත් කළේ කියල.’ සෙනෙවි කීවේ අවන්හලේ මේසයක් ඉදිරිපිට පුටුවකට බරදෙමිනි.

“මම ඔය නවකතාව කියෙව්වා බං. මහාචාර්යතුමා පොතේ පෙර ව‍දනෙන් ඔය කතාව එළිකරපු එක බොහොම හොඳයි. හැබැයි එහෙම ඇවිටිලි කරපු යාළුවෝ කවුද කියල නම්වලින් ම සඳහන් කළානං තමයි හුඟක් ම වටින්නෙ. එතකොට අපිට පුළුවන් වෙනවා එතුමාට ඒ විදිහේ ලණුවක් දුන්නු යාළුවෝකවුද කියල සහසුද්ධයෙන් ම දැනගන්ඩ.” චන්ද්‍රසිරි කීවේය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »