Home / විහළු කතා / අතරම මඟදි බහිනවනෙ

අතරම මඟදි බහිනවනෙ

2017-01-18 11:09:00       697
feature-top
‘මටනං මේ අලුත් රස්සාව එක සුමානෙන්ම එපා වුණා හාමිනේ.’ විදුලි සෝපාන ක්‍රියාකරුවකු ලෙස උසස් වීමක් ලැබු වීරක්කොඩි හවස තම නිවෙසට පැමිණ තේ කෝප්පයක් තොල ගාමින් තම බිරිය දෙස බලා කීවේය.

‘ඒ මොකද අනේ එහෙම වුණේ?’ ඔහුගේ බිරිය කුසුමලතා ඇසුවේ මවිත වෙමිනි.

‘ඔය ලිෆ්ට් එකේ යන අය හරි අපූරු කතා කියන්ඩ පටන් ගන්නවා, ලිෆ්ට් එකේ යන ගමන්. ඒත් හාමිනේ ඒ කතා ඉවර වෙන්ඩ කලින් ඒ ගොල්ලො ලිෆ්ට් එකෙන් බැහැලා යනවනෙ.’ වීරක්කොඩි කීවේ දැඩි සන්තාපයකිනි.


Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »