Home / විහළු කතා /  ඒකත් අල්ලසක් ද?


 ඒකත් අල්ලසක් ද?


2016-12-28 09:30:00       582
feature-top
“හැම නත්තලටම නත්තල් සීයාට අඳින පීටර් උන්නැහේ නත්තල ඉවර වුණා විතරයි පොලීසිය පැත්තට යනවා මම දැක්කා. මිනිහට මුකුත් කරදරයක්වත්ද?” කළු අයියා දැදිගම ගෙන් ඇසුවේ හන්දියේ හෝටලයේ තේ බොමින් සිටියදී ය.

“පීටර් උන්නැහේ නත්තල් සීයාට ඇඳලා පොඩි ළමයින්ට තෑගි බෙද බෙදා ගෙවල් ගානේ යනවා බලා හිටිය මිනිහගෙ තරහ කාරයෙක් පොලීසියට පැමිණිලි කරලා මිනිහා පළාත් පාලන ඡන්දෙට ගෙවල් ගානෙ ගිහින් අල්ලස් දෙනවා කියලා. ඒකට කට උත්තරයක් ගන්ඩ කැඳෙව්වාම තමයි පීටර් පොලීසියට ගිහින් තියෙන්නෙ” දැදිගම කීවේ ය.

Wmqgd .ekSu wo forK fjí wvúh

More News »