Home / විහළු කතා /  ඒකත් හරිද?


 ඒකත් හරිද?


2016-12-22 10:35:00       711
feature-top
“ඔය අල්ලපු ගෙදර තෙල්මා හොඳට ඇහැ ගහගෙන ඉඳලා කරන්නෙම අපි කරන ඒවාමයි. අපි අලුත් ටීවී එකක් ගත්තාම ඔන්න එයාටත් ඕනෑ වුණා අලුත් ටීවී එකක්. අපි සාලෙට සෝෆා සෙට් එකක් ගෙනාවම එයත් මිනිහට කියලා ගෙන්න ගත්තා සෝෆා සෙට් එකක්. අපි කාරෙකක් ගත්ත ගමන් මිනිහට වද කරලා කොහොම හරි කාරෙකකුත් ගෙනාවා‍. ඉතින් ඔය මළ හෝන්තුව කරන්නෙ අපි කරන කරන එකම නොවෙයිද? ඔය කඩප්පුලි වැඩ වලට අපි කුලප්පු වෙන එක වැරැදි ද? ශාන්ති තම සැමියා හමුවේ ප්‍රසිද්ධ විවාදයකදී මෙන් පැවසුවා ය.

“ටීවී, සෝෆා, කාර්, ඔය හැම දෙයක් ම දැන් ගෙදරකට අත්‍යවශ්‍ය දේවල්. අපි ඒ දේවල් ගත්තේ ඒ හින්දනෙ. තෙල්මටත් එහෙම හි‍ෙතනවා ඇති‍. අපි මොනවද ඒකෙ වැරැදි දකින්නෙ” චන්ද්‍රසිරි කීවේ තම මතය සනාථ කරමිනි.

“හොඳයි ඒ ඔක්කොම හරියි කියමුකො. දැන් අපේ දුවට ගිය මා‍ෙස ඩෙංගු හැඳුණා. ඔන්න ඊයේ තෙල්මගේ දුවටත් ඩෙංගු හැදිලා. ඔයා ඔය කියන විදියට ඒකත් හරිද?” ශාන්ති ඇසුවා ය.

Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »