Home / විහළු කතා / විනෝදාංශ දෙක

විනෝදාංශ දෙක

2016-11-04 10:08:00       584
feature-top
“දැන් ඉතින් රස්සාවෙන් විශ්‍රාම අරගෙන විවේකයෙන් ඉන්න කොට මිස්ට‍ර් චන්ද්‍රසිරි මොනවද විනෝදෙට කරන්නෙ? රැකියාවෙන් විශ්‍රාම යාමෙන් මාස කීපයකට පසුව කාර්යාලයට ගොඩවූ චන්ද්‍රසිරි ගෙන් අනුලා ඇසුවේ හුරතල් සිනාවක් පාමිනි.

“මම විනෝදෙට වැඩ දෙකක් කරනවා” චන්ද්‍රසිරි සිනා සෙමින් කීවේ ය.

“මොනවද අප්පේ ඒ වැඩ දෙක?” අනුලා සුපුරුදු සිනාවෙන් ම ඇසුවා ය.

“අලුත් නාට්‍යයක් පෙන්නන කොට ඒක බලන්ඩ යනවා. ඒක එකක්. අනික, ඒ නාට්‍යය බලලා, බලු බැනුම් බැණ බැණ ආපහු ගෙදර එනවා” චන්ද්‍රසිරි කීවේ ය.

“පෙරේ‍රා මෝටර්ස් සාප්පුවේ ලොකු මහත්තයා ද ඔය කතා කරන්නෙ? මහත්තයා මට ආරංචි වුණා ඔය සාප්පුවේ වැඩට කෙනෙක් ගන්නවයි කියල. එහෙම පුරප්පාඩුවක් තියෙනවද කියල දැන ගන්ඩයි මේ කතා කරන්නෙ.” කරුණාදාස තම ජංගම දුරකථනයෙන් ‍උස්හඬින් කරන කතාව බස් රථයේ ඔහුට පිටුපස ආසනයේ හිටිය රංජිත්ගේ කනට වැටුණා.

“ආ ඇත්තද? හා... හා.... ඒකට කෙනෙක්ව දැනටමත් තෝරාගෙන නං මක් කරන්න ද? කමක් නැහැ. මං තියන්නං මහත්තයා...” ඊළඟට කරුණාදාස කියනවාත් රංජිත්ට ඇහුණා.

“කරුණාදාස, වැඩේ හරි ගියෙ නැහැ නේද?” රංජිත් මඳක් ඉදිරියට නැමිලා කරුණාදාස ගේ පිටට තට්ටුවක් දාලා ඇහැව්වේ ටිකක් සාවඥ ස්වරයකින්.

“නෑ...නෑ... පෙරේරා මෝටර්ස් එකේ ඉන්ටර්වීව් එකකට මම ගිය සුමානෙ ගියා. මට ලබන මාසෙ පළවැනිදා ඉඳලා වැඩට එන්ඩ දන්වනවයි කියලත් කිව්වා‍. ඔය අතරේ ඒ පුරප්පාඩුවට මාව කපලා වෙන කෙනෙක් පැන ගත්තාවත් ද කියල සැකෙනුයි මම බොරුවට කෝල් එකක් දාලා බැලුවේ, මාව ෂුවර් එකටම තෝරා ගත්තද කියල දැනගන්ඩ” කරුණාදාස හිනාවෙමින් කිව්වා.


Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »