Home / විහළු කතා /  කසාය මොකට ද?

 කසාය මොකට ද?

2016-10-11 10:45:00       689
feature-top
‘කාලයක් තිස්සේ තිබුණු ඔය බඩේ අමාරුවට, ඔයා තකහනියක් ම ගිය සුමානෙ අර වෙද මහත්තයා මුණගැහිලා ලියවාගෙන ආපු කසාය වේල් ටික බොන එක හිටපු ගමන් කල් දැම්මේ මොකද අනේ?’ ශාන්ති ඇසුවේ සාහිත්‍ය උලෙළක් සඳහා සහභාගි වීමට යාම පිණිස ලකලැහැස්ති වෙමින් සිටි තම සැමියා දෙස බලමිනි.

‘මේ දවස් ටිකේ එක දිගටම සාහිත්‍ය උත්සවවල දේශනවලට ඇහුම්කන් දෙන හින්දා ආයෙ අමුතුවෙන් කසාය බොන්ඩ ඕනැ වෙන්නෙ නැහැ හාමිනේ.’ චන්ද්‍රසිරි කීවේ කණ්ණාඩිය ඉදිරිපස සිටගෙන කොණ්ඩය පීරමිනි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »