Home / විහළු කතා /  දැනගන්නෙ කොහොම ද?

 දැනගන්නෙ කොහොම ද?

2016-09-13 10:59:00       583
feature-top
“මේ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලට හා හා පුරා කියල අඩිය තිබ්බේ අද තමයි කියලා තමුසෙ මෙහෙට ආපු ගමන් කිව්වනෙ. මේ තට්ටුවේ වැසිකිළිය තියෙන්නෙ අහවල් තැනයි කියල මේකෙ කොතැනකවත් බෝඩ් එකක්වත් නැතුව, තමුසෙ කොහොමද වැසිකිළිය තියෙන තැන හරියටම හොයා ගත්තෙ?” නාස්පුඬු හකුළුවාගෙන, කලිසමේ බොත්තම් පියවමින් තමා දෙසට පියමනින, අලුතින් තම කාර්යාලයේ සේවය සඳහා පැමිණි සුගත් දෙස බලා වීරකෝන් ඇසුවේ තරමක විමතියකිනි.

“ඔය බෝඩ් අහවල් දේකට ද අයිසෙ.” මම ඔය කොරිඩෝවට ඇතුළු වෙන කොටම ආපු; නහය කාගෙන යන ගඳ දිගේ ගියාම තමයි වැසිකිළිය හම්බ වුණේ?” සුගත් කීවේ සිනාසෙමිනි.


More News »