Home / විහළු කතා /  මොකෝ නැත්තෙ?

 මොකෝ නැත්තෙ?

2016-09-06 10:59:00       584
feature-top
“මේ කන්තෝරුවේ ලොක්කෝ කරන දූෂණ, වංචා, මගඩි ගැන තොරතුරු ෆයිල් පිටින් ගෙනහින් උඹ අමාත්‍යාංශෙ ලොකු තැන්වලට වාර්තා කළානෙ. ඉතින් එහෙම එළිදරව්වක් කළා ම ඒ වෙනුවෙන් උඹට ඒ ගොල්ලන්ගෙන් මොකවත් ලැබුණේ නැද්ද?” රාජගිරිය හන්දියේ බස් නැවතුම්පොළ වෙත යද්දී හීනෙන් ඇවිදින්නකු මෙන් නිනව්වක් නැතිව තමා ඉදිරියට ආ මනෝජ්ගේ අතින් අල්ලා නවත්වා ගත් වරුණ ඇසීය.

“මොකෝ නැත්තෙ ලැබුණා. ඒ විදියට ලැබුණේ වහාම ක්‍රියාත්මක වෙන විදියට අම්පාරට ස්ථාන මාරුවීමක්.” ම‍නෝජ් කීවේ දත්මිටි කමිනි.


More News »