Home / විහළු කතා / තෝරන්නෙ ඒක නෙමෙයි ද?

තෝරන්නෙ ඒක නෙමෙයි ද?

2016-08-18 11:35:00       584
feature-top
බක්මහ උලෙළේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයේ පළමුවැනි වටය අවසන් වීමෙන් පසු සංගීත කණ්ඩායමේ ගීතයක් ඇරැඹුණු අතර සුරූපී නළඟනන් සමූහයක් වේදිකාවට පිවිස සරාගී නර්තනයක් ඉදිරිපත් කළෝය. ඔවුන් හැඳ සිටියේ තම අඟපසඟ බොහෝ කොට නිරාවරණය වූ වර්ණවත් ඇඳුමකි. නිරාවරණය වූ ඔවුන්ගේ නාභිය නර්තනයේදී කැපී පෙනුණි.

විනිශ්චය මණ්ඩලයේ අසුන්ගෙන, ඔවුන්ගේ නර්තනය දෙස නෙත් යොමා සිටි ගීතා හදිසියේම දුටුවේ තම අසල සිටින විනිශ්චය මණ්ඩල සාමාජිකයකු වූ චන්ද්‍රසිරි ලිපිගොනුවක් පෙරළාගෙන, නර්තනය නිරීක්ෂණය කරමින්ම ඉතා උනන්දුවෙන් ලිපිගොනුවේ වූ කඩදාසියක කිසිවක් සටහන් කරනා බවකි.

“මොනවද අනේ ඔයා මේ ඩාන්ස් එක බලන ගමන් තකහනියක් ලියන්නෙ?” ගීතා ඇසුවේ චන්ද්‍රසිරිගේ සුරතට සෙමින් පහරක් ගසමිනි.

“ඇයි ළමයෝ, මේ ගෑනු ළමයින්ගෙ හොඳම නාභිය තෝරන තරගයක් නෙමෙයිද දැන් තියෙන්නෙ? මං ලකුණු දැම්මේ ඒකටනෙ.” චන්ද්‍රසිරි විපිළිසරව කීවේය.


Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »