Home / විහළු කතා / ඊට පස්සෙ මොකද කරන්නෙ?

ඊට පස්සෙ මොකද කරන්නෙ?

2016-07-26 11:12:00       690
feature-top
චන්ද්‍රසිරි මහත්තයා හොඳටම විශ්වාසද අපිට තියෙන්නෙ ජාතක කතා පන්සිය පනහයි කියල? රන්ජිත් විමසුවේ තමා වෙතින් රූපසටහන් කීපයක් ඇඳ ගැනීමට පැමිණි චන්ද්‍රසිරිගේ මුහුණ බලමිනි.

ඇයි මනුස්සයෝ ඒක අහන්ඩත් දෙයක්ද? පන්සිය පනස් ජාතකය කියන්නෙ ඒකනෙ. හැබෑට මොකද තමුසෙට හිටපු ගමන් ඔය වගෙ ප්‍රශ්නයක් මතු වුණේ? චන්ද්‍රසිරි ඇසුවේ තරමක කුතුහලයකිනි.

මම දැන් කාලයක් තිස්සේ වෙසක් තොරණවලට කතා අදිනවනෙ. මේ අවුරුද්දේ මට ආපු ඕඩර්වලට කතා ඇන්දම ජාතක කතා පන්සිය පනහම ඉවරයි. ඊට පස්සෙ මොකද කරන්නෙ කියල හිතාගන්ඩ බැරුවයි මම ඕක ඇහැව්වේ? රන්ජිත් කීවේ ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »