Home / විහළු කතා /  දුක් වෙන්නෙ මොකටද?

 දුක් වෙන්නෙ මොකටද?

2016-07-14 11:08:00       583
feature-top
මහත්ත‍යෝ, අපේ මේ පුතා ඉගෙනීමට කිසිම උනන්දුවක් නැහැ. හැම වතාවක ම පන්තියෙ අන්තිමයා. අපි කොයිතරම් උනන්දු කළත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. මෙහෙම කරුණුකාරණා සිද්ධ වෙන්නෙ මොකක් හරි අපලයක් හින්දාවත්ද කියල දැන ගන්ඩයි මේ ආවේ. හැබැයි මහත්තයෝ මෙයා කතා බහේදී හරිම මුඛරියි. ඕනෑම කෙනෙක් පෙරළගෙන ඉස්සරහට යන්ඩ දන්නවා. මවාපාල බොරු කියලා බොරු ‍රඟපෑම් කරලා අපිවත් රවට්ටනවා. කියන එක නෙමෙයි කරන්නෙ. සුමනාවතී තම පුතුගේ වේල්පත්කඩය ජ්‍යොතිෂඥ කළුතන්තිරි හට දෝතින්ම පිරිනමමින් කීවා ය.

මේ ළමයා ඉගෙනීමට අදක්ෂ වුණාට දුක්වෙන්ඩ ඕනෙ නැහැ නෝනා. මේ වේලපත්කඩේ බලන්ඩ කලින් ම මට කිව්වෑකි මේ දරුවා ලොකු වුණා ම මන්ත්‍රී කෙනෙක් වෙනවා සිකුරුයි කළුතන්තිරි මහාතා කීවේ තම කණ්ණාඩියට උඩින් මව දෙස බලමිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »