Home / විහළු කතා / පොහොර සහනාධාර ගන්න ගිහින් රැකියා ඉල්ලුම්පතක් දීලා

පොහොර සහනාධාර ගන්න ගිහින් රැකියා ඉල්ලුම්පතක් දීලා

2016-03-04 11:33:00       725
feature-top
දකුණු පළාතේ උප නගරයක පිහිටිරාජ්‍ය බැංකුවකි. පොහොර සහනාධාර මුදල් ලබා ගැනීමේ අයදුම්පතකට බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔහු එහි පැමිණි විට විශාල පිරිසක් බැංකුව අසල සිටියහ. පෝලිමේ මදදුරක් ගිය විට ඔහුට හදිසියේ මතක් වූයේ තමා මෙහි එන විට උදේම තැපැල් කිරීමට යැයි දියණිය දිගු ලියුම් කවරයක් දුන් බවයි. පෝලිමේ අයට මේ බව කියා වහාම අසල වූ තැපැල් කාර්යාලයට දිව ගිය ඔහු ලියුම පෙට්ටියට දමා යළිත් බැංකුවට
ඇවිත් පෝලිමේ සිටි තැනම අල්ලා ගත්තේය.

සෑහෙන වේලාවකට පසු බැංකු කවුන්ටරයට ළගා වූ ඔහු තම අයඳුම්පත සහිත දිගු ලියුම් කවරය අතට දුන්විට එය විවෘත කළ ඇයට සිනා නැගිණ. මේක රස්සාවකට යවන ඉල්ලුම් පත්‍රයක් නේ ඇය කී වීට ඔහුට තරු පෙණුනි.

තමා තැපැල් පෙට්ටියට දමා ඇත්තේ තමාගේ පොහොර සහනාධාර මූල්‍ය අයදුම් පත බව තේරුම් ගත් ඔහු වහා තැපැල් කාර්යාලය දිවගොස් තැපැල් සේවකයකුට එම අයදුම්පත ආපසු ලබාදෙන ලෙස ඉල්ලුවත් ඔහු කියා තිබුණේ සවස හතර වනතුරු ලියුම් පෙට්ටිය නැවත විවෘත කිරීම තහනම් බවක් ලූ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »