Home / විහළු කතා / මියගිය මව විකුණා සම්මාදමේ ගිය පුතා අතේ මාට්ටු

මියගිය මව විකුණා සම්මාදමේ ගිය පුතා අතේ මාට්ටු

2016-03-01 11:57:00       706
feature-top
සිය මවගේ සැත්කමකට කියමින් බස් රථයක ගීත ගායනා කර සම්මාදමේ යෙදී සිටි තරුණයකුට කාන්තාවකගේ කතාවෙන් දවල් තරු පෙනීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

සිද්ධිය සැකෙවින් මෙසේය.

කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගර දෙකක් අතර ධාවනය වන බස් රථයකි. බස් රථය එක් ප්‍රධාන නගරයකින් පිටත් වනවිටම බස් රථයේ සෙනග පිරී සිටියහ.


බස් රිය ටික දුරක් ගමන් ගන්නා විට එක් තරුණයකු ගිටාරයක් ද රැගෙන බස් රථයට ගොඩවිය. බස් රථයට ගොඩ වූ ඔහු කිසිදු කතාවක් නැතිවම ජනප්‍රිය ගීතයක් ගායනා කළේය. ඒ ආකාරයට ගීත කීපයක්ම ගායනා කළ ඔහුගේ ගී හඬට බස් රියේ බොහෝ දෙනෙක් වශී වී සිටියහ.


ටික වේලාවකින් ගී ගැයීම අවසන් කළ ඔහු  කතා කරන්නට පටන් ගත්තේය. නෝනාවරුනි, මහත්වරුනි, මා මේ ගී කියන්නේ බොරු කියලා මුදල් හම්බ කරන්න නෙවෙයි. මගේ අම්මාට ඉතා ඉක්මනින් සැත්කමක් කරන්න ඕන. ඒකට අවශ්‍ය මුදල් හොයා ගන්නයි මේ විදිහට ගීත ගායනා කරන්නේ. පුළුවන් නම් කීයක් හරි දෙන්න පින්සිද්ධ වෙයි. ආදී වශයෙන් කියන්නට පටන් ගත්තේය. ඒත් සමඟ බස් රථයේ සිටි ඇතැමෙක් තමන්ට හැකි පමණින් ඔහුට ආධාර කළහ.


මෙම තරුණයා බස් රථයේ මැද කොටසට යන විටම එක් මැදිවියේ කාන්තාවක් නැගී සිට ඇයි ළමයෝ ඔය ළමයට ලැජ්ජාවක් නැද්ද මැරුණ අම්මා විකුණගෙන කන්න. ඔය ළමයගේ අම්ම මමත් හොඳින් අඳුනනවා. එයා මැරිලා දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලනේ කියනවාත් සමඟම තරුණයා අන්දමන්ද විය. නෝනට වැරදිලා ඒ මම නෙවෙයි ආදී තවත් බොහෝ දෑ ඔහු කීය. මේ සද්දෙට බස් රථයේ වේගය අඩු කර රියැදුරු මහතා ද ඒ මොකක් දැයි බැලීමට උත්සාහ කිරීමේදී ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහු එක්වරම බස් රථයෙන් බැස නොපෙනී ගියේය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »