Home / විහළු කතා / විශ‍්‍රාමික ලිපිකරුවාට කතකගෙන් ගුරුකමක් ලැබිලා

විශ‍්‍රාමික ලිපිකරුවාට කතකගෙන් ගුරුකමක් ලැබිලා

2016-02-24 09:01:00       702
feature-top
අමාත්‍යාංශයකට අයත් ආයතනයක ලිපිකරු සේවයේ නිරතව සිට විශ‍්‍රාම දිවියට පත් ඔහු පසුගියදා නගරාසන්න කාර්යාල කටයුත්තකට ගොස් තේ පානය සඳහා අවන්හලකට ගොඩවිය.

තේ බීමට සූදානම්ව වටපිට බලන මොහොතේ ඔහු සමීපයට ආ රූමත් ලලනාවක් ඔහුගේ දෙපා වැඳ සිනාසුනාය. සර් ගොඩක් කාලෙකට පස්සෙ දැක්කෙ. අපි අද මේ තත්ත්වෙ ඉන්නෙ සර් නිසා. මට මතකයි සර් අපට උගන්නපු හැටි.

විභාග පාස් කරන්න විතරක් නෙමෙයි. ජීවත්වෙන හැටිත් සර් අපට කියල දුන්නා ඇය කීවේ ඉතා යටහත් පහත්වය. තමා කවදාවත් ගුරුවරයකු වී නොසිටි නිසා ඔහුට තරු පෙනිණ.

ඇය තවත් මොනවාදෝ කියන විට ඔව් බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම තමයි ඉන්න ඕන කියා ඔහු කඩිනමින් එතැනින් ඉවත්ව ගියේ ඇය තමාගේ ගුරුවරයා යැයි වරදවා හඳුනාගෙන ඇති බව පෙනීගිය හෙයිනි.

කළුතර පැත්තේ උපනගරයකින් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි මේ.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »