Home / විහළු කතා / 'හෝගාන පොකුණට එබෙන්න නම් එපා'

'හෝගාන පොකුණට එබෙන්න නම් එපා'

2016-02-15 11:27:00       699
feature-top
මේ දිනවල රූගත වන චිත්‍රපටයක් බැලීමට සිය මවගෙන් අවසර ඉල්ලීමට යාමේදී මවගෙන් ලැබුණු අපූරු පිළිතුරක් නිසා කවුරුත් සිනා සාගරයක ගිලුණු පුවතක් අඹන්පොළින් වාර්තා විය.

මෙම සිද්ධියට අනුව මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ළමා චිත්‍රපටයක් ඇතැම් සිනමා ශාලාවල නොමිලේ තිරගත වීම නිසා පාසල් දරුවෝ එය නැරඹීමට මහත් උනන්දුවෙන් පසුවෙති. තමා ඉගෙන ගන්නා පාසලේ ළමයින්ට ද එය නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලැබී ඇති බැව් දැනගත් දැරියක් ඉහ වහා ගිය සන්තෝෂයෙන් එම ආරංචිය තම මවටද පවසනු අටියෙන් පාසල ඇරී නිවෙසට ආවේ මිටින් හළ කුරුල්ලෙකු මෙනි.

අම්මේ දන්නවද අපි හෙට තඹුත්තේගම යනවා

ඒ මොකටද ?

මවගේ ප්‍රශ්නය තුළ තිබුණේ මහත් කුකුසකි. අපි හැමෝම යනවා හෝ ගාන පොකුණ බලන්න මහත් කලබලයට පත් මව එකවර ම හා...හා ... ඕවා බලන්ඩ ගියාට කමක් නෑ එබෙන්ඩ කරන්ඩ එහෙම යනවා නෙමෙයි. ඔය තැන්වල හරියට අනතුරු, ළඟට එහෙම යන්නඩ එපා. ඈත ඉඳන් බලන්ඩ ඕනෑ.

මවගේ මේ කතාවෙන් හිනාව වාවා ගත නොහැකි වූ දියණියට පුංචි තරහක්ද ආවාය. මේ...... අම්මේ හෝ ගාන පොකුණ කියන්නේ චිත්‍රපටියක්. හෙට ෆිල්ම් හෝල් එකේ නොමිලේ ඒ චිත්‍රපටිය පෙන්නනවා යැයි දියණිය පිළිතුරු දුන්නෙන් මවටද සිනහව නවතා ගත නොහැකි වූවාය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »