Home / විහළු කතා / චූන් පාන් විකුණන්න බිරියත් ඇවිත් චූන් එක නැවතිලා

චූන් පාන් විකුණන්න බිරියත් ඇවිත් චූන් එක නැවතිලා

2016-02-12 12:14:00       721
feature-top
චූන් පාන් චූන් වෙන්න ගොසින් බිරියට ආරංචිවීමෙන් පසු ඇයත් සැමියා සමග චූන් පාන් රථයෙන් ගොස් කෑම වර්ග අලෙවි කරන අයුරු කොළඹ නුදුරු ප‍්‍රදේශයකින් පසුගිය දා අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

ඔහු විවාහකයකු වන අතර බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවෙකි. තම රථයෙන් ගොස් දිනපතා උදෑසන හා සන්ධ්‍යා කාලයේදී කෑම වර්ග අලෙවි කරමින් සිටියේය. කාලයක් යනවිට ඔහු අනියම් ඇසුරක පැටලූණි. එහෙයින් වෙළඳාම් සිදුකර නිවෙසට යන වේලාව ද දිනෙන් දින ප‍්‍රමාද විය. තම සැමියා ගැන ඇයට සැකයක් ඇතිවුවත් ඒ ගැන ඔහුගෙන් නොවිමසා රහසිගත ලෙස ඇය තම ඥාතියකු ලවා පරීක්ෂා කර බැලීය. දැනගන්නට ලැබුණේ තම සැමියා අනියම් ඇසුරකට පෙළඹී ඇති බවයි.
එම තොරතුරත් සමග කළබල නොවූ ඇය දිනක් තම ස්වාමියාගෙන් රෑ බෝවන්නේ ඇයි දැයි විමසුවාය. එවිට දැන් හැමතැනම චූන් පාන් කට්ටිය වැඩියි. ඒ නිසා කෑම ටික විකුණගන්න සෑහෙන දුවන්නත්, මහන්සි වෙන්නත් ඕනෑ යැයි පැවසීය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් බිරියඑහෙනම් මමත් ඔයත් එක්ක එන්නම්, එතකොට ඉක්මනින් කෑම ටික විකුණගන්න පුළුවන් වේවි යැයි පැවසුවාය.
එයින් තැතිගත් ඔහු ඕනෑ නෑ මම කොහොම හරි මහන්සි වෙලා කරගන්නම් යැයි කීය. නෑ නෑ දවසක් මම එක්ක ගිහිල්ල බලමු යැයි ඇය පවසා පසුදා උදෑසනම ඇයත් අවදිවී චූන් පාන් රථයට ගොඩ වූවාය. ඔහු රියැදුරු අසුනේ සිටිය දී ඇය කෑම වර්ග අලෙවිකරන්න වූවාය. වෙනදාටත් වඩා ඉක්මනින් කෑම අලෙවි විය. චූන් පාන්ට කට උත්තර නැතිවිය. රෑ බෝ නොවී සවස් යාමයේම ඔවුහු කෑම අලෙවිකර නිවෙසට ගියහ.

ඒ අනුව දැන් ඇයත් දිනපතාම චූන් පාන් රථයේ ගමන් කරමින් කෑම වර්ග අලෙවි කරන්නට විය. චූන් පාන්ගේ අනියම් ඇසුරත් එතනින් නිමාවිය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »