Home / විහළු කතා / දුක කියන්න ගිහින් අන්තිමේ යකා නැගලා

දුක කියන්න ගිහින් අන්තිමේ යකා නැගලා

2016-02-10 09:17:00       711
feature-top
රජයේ කාර්යාලයක දිගු කලක් සේවය කළ ඔහු විශ‍්‍රාම යෑමට ආසන්නව සිටියේය. ඔහුගේ සේවා කාලය හා වැටුප් අඩුවීමක් පිළිබඳව කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට විටින්විට දැනුම් දුන්න ද සාධාරණය ඉටු නොවීම පිළිබඳව ඔහුගේ සිතට නිතර වද දුන්නේය.

මේ ගැටලූව පිළිබඳ ඔහු මිතුරන්ට කීය. මිතුරන් පැවසුවේ අමාත්‍යාංශයට මේ පිළිබඳ දන්වන ලෙසය. ඉතා ආමරුවෙන් සොයාගත් දුරකතන අංකයට තම අසාධාරණය පිළිබඳ කියනතුරු ඔහුට ඉස්පාසුවක් නැතිවිය. පසුදා උදෑසන 9ට ඔහු මිතුරකු මාර්ගයෙන් සොයාගත් දුරකතන අංකයට ඇමතුමක් ගත්තේය. ආයුබෝවන් අධ්‍යක්ෂතුමනි. මට ලොකු අසාධාරණයක් වෙලා....

ඔහු තමාට වූ අසාධාරණය පිළිබඳ සංඛ්‍යාලේඛන සහිතව විනාඩි 30කට ආසන්න කාලයක් විස්තර කළේය. සර් මේක ඉටුකරල දෙන්න ඔහු කීය. මට මේකට විසඳුමක් දෙන්න අමාරුයි. මට තේරනවා ඔයාට... සිදුවෙලා තියෙන අසාධාරණය ගැන... අමුත්තා කීවේය. සේවකයාගේ රතු ඉර පැන්නේය.

මොකද මහත්තයෝ මේකට විසඳුමක් දෙන්න බැරි ඔහු මහ හඬින් ඇසුවේය. කනගාටුයි... මම ඒ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක නෙවේ. ඔයාට අංකය වැරදිලා.... කලින් නොකීවේ? කියන්න ඔයා ඉඩක් දුන්නේ නැති නිසා ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ වූ නිසා ඔහු රිසිවරය හඬනගා තැබුවේය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »