Home / විහළු කතා / බිරිඳට මෙලෝ රහක් නැතැයි කී සැමියා නරි උගුලේ

බිරිඳට මෙලෝ රහක් නැතැයි කී සැමියා නරි උගුලේ

2016-02-08 08:56:00       705
feature-top
රියැදුරාට ගත් දුරකතන ඇමතුම තම බිරියට ගොස් ජංජාලයකට හසුවූ පුද්ගලයකු පිළිබඳව පුවතකි.

සිද්ධිය මෙසේය.

ඔහු වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. මැදිවියේ පසුවූ ඔහු විවාහකයකු වුවද තවමත් වෙනත් කතුන්ට ඇල්ම දක්වන්නෙකි. මොහු පිළිබඳව බිරිඳට නිතර පැමිණිලි ලැබුණත් සැකකිරීමට සාධාරණ හේතුවක් සොයාගැනීමට නොහැකිව බිරිඳ සිටියාය.

දිනක් වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු පැවසුවේ ඔහුගේ නිවසට යාබද අතුරු මාර්ගයක දී ඔහුට අයත් මෝටර් රථය අනතුරකට පත්ව ඇති බවය. මෝටර් රථයේ රියැදුරාගේ නම රෝහිතය. ඔහුගේ බිරිඳගේ නම රෝහිණීය. කලබල වූ මොහු වහා රියැදුරාගේ දුරකතන අංකය සොයා ඇමතුව ද ඇමතුම සම්බන්ධවූයේ තම බිරිඳටය. අනෙක් පැත්තෙන් කාන්තා කටහඬක් ඇසුණ මොහුට මෝටර් රිය අමතක විය. හලෝ නංගි මම වැරදිලා අරන් තියෙන්නේ මගේ ඩ‍්‍රයිවර්ට කියලා ඔයාට යැයි පැවසූ විට බිරිය මොහු ගැන සොයාබැලීමට හොඳ අවස්ථාවක් යැයි සිතා කමක් නෑ අයියේ යැයි පවසා ඇත. මේ නංගි ඔයාගේ කටහඬ ලස්සනයි මට ඔයා මීට්වෙන්න බැරිද? යැයි ඔහු අසා ඇත.

එවිට ඇය ඇයි බැඳපු එක්නෙකා යැයි ඇසූවිට මොහු පැවසුවේ අනේ මෙලෝ රහක් නෑ නංගී. මම ඒ ගැනිට අහුවුණා යනුවෙනි. එවිට යක්ෂයා අවේශ වූ ඇය අද එනවකෝ තමුසේ ගෙදර මම රහ පෙන්වන්නම් යැයි පවසා දුරකතනය විසන්ධි කළාය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »