Home / විහළු කතා / ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා

ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා

2016-01-27 09:38:00       700
feature-top
උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් අගනුවරින් වාර්තා විය. එදින සතියේ දිනයක් වූ නිසා අගනුවර නගරය ජනාකීර්ණව පැවතුණි.

වේලාව පෙරවරු 10.30 ට පමණ ඇත. නගරයේ වීදි දිග එහා මෙහා ගමන් කළ නාගරිකයන් මෙන්ම ඈත ගම්මානවලින් තම අවශ්‍යතා සඳහා පැමිණි පිරිස් ද වූහ. නගරයේ හරස් වීදිය දිග අලංකාරව ඔතන ලද පාර්සලයක් ඉතා අමාරුවෙන් ඔසවාගෙන කඩිමුඩියේ පැමිණි තරුණයා කඩිමුඩියේම ඉදිරියට ගමන් කරන්නට විය. ඔහු විරුද්ධ පැත්තට වීදිය දිගේ ගමන් කරමින් සිටි මැදිවයසේ මගියාගේ ඇෙඟ් හැපිණි.

රතු රිබන් එකකින් සරසා තිබූ වර්ණවත් පාර්සලය බිම ඇද වැටුණේ ශබ්දයක් ද නඟමිනි පාර්සලය බිම ඇද වැටීමෙන් උරණ වූ තරුණයා මහ හඬින් මගියාට බැන වදින්නට වූ නිසා එහාමෙහා ගමන් කළ මගීහු ද එකට රැුස්වන්නට වූහ. බලනවා මම රු. 7500 විතර වියදම් කරල ගත්ත ප‍්‍රසන්ට් එක ඉවරයිනෙ. කොහොමද මම වෙඩින් එකට යන්නෙ දැන් ඉතින් අලාභය ඕනෑ මොකද? මොකද? වුණේ මචං පාර්සලය දිගහැර බැලූ පාර්සලය අයිතිකරුගේ සහායට පැමිණි පුද්ගලයෙක් ද මගියා දෙස රවා බැලූවේය.

මොකද කළේ බලනවා මේ අලූත්ම පෝසිලේන් සෙට්එක ඔක්කොම කුඩුනේ. නිකම් යන්න දෙන්න බෑ. අලාභ ගෙවන්න. තරුණයෝ දෙදෙනා කෑගැහුවෝය. අසරණ මගියා තම ගමන් මල්ලට අතදමා අසරණව රු. 500 ක් අතට ගත්තේය.

අනේ මහත්තයෝ රු. 750 යි මම ළඟ තියෙන්නේ ඒකෙන් 500 දෙන්නම් ඉතුරු 250 මට ගමට යන්න ඕනෑ. රු. 500 අතට ගත් තරුණයන් දෙදෙනා පිඟන් කටු සහිත පෙට්ටිය අයිනකින් තබා තවත් පාර්සලයක් හදමු යැයි මුමුණමින් මහත් සතුටින් කඩිනමින් ඈතට දිව යනු පෙණින. අසරණ වූ මගියා දහඩිය පිසගනිමින් කුරුණෑගල බසයට නැගගත්තේ ආපසු එන්නටය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »