Home / විහළු කතා / පැනලා ගිහින් හමාරයි

පැනලා ගිහින් හමාරයි

2015-06-29 10:06:00       584
feature-top
දිනක් පිස්සන් කණ්ඩායමක්, පිස්සන් කොටුවෙන් හොර රහසේ පැන යාමට සැලසුම්  කළහ. කෝකටත් කල් තියා ඊට පෙර පුහුණුවක් ලබා ගැනීම සුදුසු යැයි කල්පනා කළ ඔව්හු පැන යාමට නියමිත දිනයට පෙර දින රාත්‍රියේ කිහිප වරක්ම පිස්සන් කොටුවේ විශාල තාප්පයෙන් එහා මෙහා පනිමින්, පැන යාම සඳහා විධිමත් පෙර පුහුණුවක් ලබා ගත්හ.

අත්හදා බැලීම හිතුවාටත් වඩා හොඳින් සාර්ථක වූ බැවින් ඉතා සතුටට පත් වූ පිරිස,  පැන යාම පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව එදින නින්දට ගියහ.

එදින මැදියම් රැයේදී ඇද හැලුණු දැඩි වර්ෂාව නිසා තරමක් අබලන්ව පැවැති පිස්සන් කොටුවේ විශාල තාප්පය තෙතබරිත වී පොළවට ඇද වැටුණේ ය.

පසුදා පැන යාමට සැරසුණු පිස්සන් කණ්ඩායම, තාප්පය දෙසට යන විට, පෙර දින රාත්‍රියේ තමා දුටු විශාල තාප්පය තවදුරටත් එහි නොමැති බව දුටු අතර, එහි සිටි නායක පිස්සා මහත් ශෝකයෙන් යුතුව මෙසේ පැවසී ය.

යාළුවනේ, හරිම කණගාටුයි. තාප්පය නැති නිසා අපිට පැනලා යන්න විදියක් නෑ, අපි ඒ වැඩේ කැන්සල් කරමු.



More News »