Home / විහළු කතා / ඉරුවේ මොකද්ද?

ඉරුවේ මොකද්ද?

2015-06-22 10:09:00       690
feature-top
ඉරිදා උදේ සෙනෙවි තම මේසය ඉදිරිපිට වාඩිවූයේ සඟරාවක් සඳහා ලියා දීමට පොරොන්දු වූ ලිපිය ලියා අවසන් කිරීමේ අදහසිනි. ලිවිය යුතු දැ සිතෙන් ගොනු කර ගනිමින් ඔහු ලිවීම අරඹා සුළු මොහොතකින් ඔහුගේ බිරිඳ එතැනට කඩාපාත් වූවාය.

මොකද්ද අනේ ඔය උදේම හරිබරි ගැහිලා ලියන්ඩ ගත්තෙ? දැන් ඉතින් වරුවකට ඔතනින් නැගිටින එකක් නැහැ. ඊයෙ රෑත් මං අහගෙන පොල් ගෙඩි දෙක තුනක් වැටෙනවා. කවුරුහරි මිනිහෙක් හොයාගෙන ඔය පොල් ටික අදවත් කඩාගත්තොත් නේද හොඳ...? තුෂාරි කියාගෙන ගියේ තල් අත්තට බොරලු ගසන්නාක් මෙනි. තම බිරිඳගේ ටකපෝරුව ගණනකට නොගෙන සෙනෙවි ලියාගෙන ගියේය.

තවත් ටික වේලාවකින් සෙනෙවි වෙත ආ බිරිඳ නැවතත් මෙසේ කීවාය.

ඒක ලියලා ඉවර වෙනකොට බිම්කරුවල වැටිලා තියෙයි. මට තමයි ඉතින් පොල් කඩන්ඩ මිනිහෙක් හොයන්ඩ වෙන්නෙත්. අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! තුෂාරි කුස්සිය පැත්තට ගියේ එක දිගට කියවමිනි. තම බිරිඳගේ ක්‍රියාකලාපයෙන් ආවේගශීලී වූ සෙනෙවි හට තවදුරටත් ලිවීමට නොහැකි විය. කෝපයෙන් දත්මිටි කමින්, ලියමින් සිටි කඩදාසිය බරාස් ගා ඉරා දැමු සෙනෙවි එය ගුලිකොට කුණු කූඩයට විසිකොට නැගිට්ටේය.

මොකද්ද අනේ ඔය ඉරනවා ඇහුණෙ? තුෂාරි කඩිමුඩියේ සාලයට එමින් ඇසුවාය.

අපෙ කසාද සහතිකේ. සෙනෙවි බිමට රවමින් කියා මිදුලට බැස්සේය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »